දේශපාලන බලපෑම්වලින් තොරව ජනමාධ්‍ය නිදහස තහවුරු කර ඇතැයි ජනපති අවධාරණය කරයි (VIDEO)

දේශපාලන බලපෑම්වලින් තොරව ජනමාධ්‍ය නිදහස තහවුරු කර ඇතැයි ජනපති අවධාරණය කරයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

09 Oct, 2015 | 7:34 pm

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 60 වන සංවත්සරය අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නිලධාරීන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10 දෙනෙකුට සම්මාන ප්‍රදානය කෙරිණි.

ප්‍රවීණ චිත්‍ර ශිල්පි තිලක් කළුලියනගේ මහතා එම අවස්ථාවේදී ම සිතුවම් කළ සේයාරුවක් ද ජනාධිපතිවරයාට පිළිගැන්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]