ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

08 Oct, 2015 | 7:36 pm

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කෙරෙන්නේ, යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉටු කළ සේවය අගයමිනි.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති එම උත්සවයේදී ත්‍රිවිධ හමුදාවල සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන්ට සහ විශ්‍රාමික නිලධාරීන් 30 දෙනෙකුට පදක්කම් පිරිනැමිණි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල යන මහත්වරුන්ට ද විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමිණි.

 

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන්Read story: http://goo.gl/phcLxw

Posted by Newsfirst.lk on Thursday, October 8, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]