සිය බිරිඳ සහ දරුවා ඉඳුරුව මුහුදට තල්ලු කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

සිය බිරිඳ සහ දරුවා ඉඳුරුව මුහුදට තල්ලු කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

සිය බිරිඳ සහ දරුවා ඉඳුරුව මුහුදට තල්ලු කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

07 Oct, 2015 | 6:12 pm

සිය බිරිඳ සහ දරුවා ඉඳුරුව මුහුදට තල්ලු කර දරුවා මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු යළි ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ එම සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ජයසූරිය මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙහිදී සැකකරුගේ බිරිඳ දිවි ගලවා ගැනීමෙන් අනතුරුව ඇය සිය නිවස වෙත රැගෙන ගිය ත්‍රිරෝද රථයේ රියැදුරුගෙන් ද මෙහිදී සාක්ෂි විමසා තිබේ.

අදාළ පුද්ගලයා පසුගිය 18 වන දා සිය බිරිඳ සහ දරුවා ඉඳුරුව මුහුදට තල්ලු කළ අතර එහිදී දරුවා ජීවිතක්ෂයට පත් විය.

පසු දා කොස්ගොඩ මහපැලෑන මුහුදු තීරයට ගොඩ ගසා තිබූ පාරින්ද්‍යා සිත්මිනී දැරියගේ වයස අවුරුද්දයි මාස 11 ක් වූවා ය.