උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කර්තෘ Sakila Udayakumara

07 Oct, 2015 | 6:52 am

දුම්රියක් පිලිපැනීම හේතුවෙන් අවහිර වී තිබූ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

උතුරු දුම්රිය මාර්ගයේ ගල්ගමුව සහ අඹන්පොළ අතර මීගස්හන්දිය ප්‍රදේශයේදී ‍තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රිය පිලිපැනීමට ලක් වුයේ, ඊයේ පස්වරු 4.00ට පමණ ය.

අප වාර්තාකරු පැවසුවේ, දුම්රිය මැදිරි 2ක් පිලිපැනීමට ලක්ව ඇති බව ය.

දුම්රිය පිලිපැනීමෙන් දුම්රිය මාර්ගයේ මීටර් 300 ක් පමණ විනාශයට පත්ව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]