කොළඹ ඉසිපතන විද්‍යාලයේදී පැවති 199 වන News1st මාධ්‍ය වැඩමුළුව (VIDEO)

කොළඹ ඉසිපතන විද්‍යාලයේදී පැවති 199 වන News1st මාධ්‍ය වැඩමුළුව (VIDEO)

කර්තෘ Sagarika Chathumali

07 Oct, 2015 | 7:58 pm

දැයේ සිසු දරු දැරියන්ගේ මාධ්‍ය දැනුම ඔප් නැංවීම අරමුණු කර ගත් News1st නායකත්ව හා සන්නිවේදන වැඩමුළු මාලාවේ 199 වන වැඩමුළුව අද කොළඹදී පැවැත් විය.

ගම්දනව් රැසක පාසල්වල අති සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කෙරුණු News1st මාධ්‍ය වැඩමුළු මාලාවේ 199 වන අදියර අද පැවැත්වුණේ කොළඹ, ඉසිපතන විද්‍යාලයේදී ය.

මෙම අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති බහිරදන් මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.‍

සන්නිවේදනය පිළිබඳ ක්‍රියා කාරකම් ඔස්සේ සිසුන් දැනුවත් කරමින් ක්‍රියාත්මක කෙරුණු වැඩමුළුවේදී Y fm නාලිකාවේ හඬ පරීක්ෂණ සඳහා සහභාගීවිමට ද සිසුන්ට අවස්ථාව උදාවිය.