තේ මිල පහළ යාම හමුවේ කුඩා තේවතු හිමියන් දැඩි අර්බුදයක

තේ මිල පහළ යාම හමුවේ කුඩා තේවතු හිමියන් දැඩි අර්බුදයක

තේ මිල පහළ යාම හමුවේ කුඩා තේවතු හිමියන් දැඩි අර්බුදයක

කර්තෘ Staff writer

06 Oct, 2015 | 10:01 pm

තේ මිල පහළ යාම හමුවේ තමන් මුහුණදී ඇති දැඩි අර්බුදයට විසඳුමක් ලබාදෙන්නැයි කුඩා තේවතු හිමියන් රජයෙන් ඉල්ලා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි ,පෙබරවාරි මාස වලට සාපෙක්ෂ තේ දළු මිල මේ වන විට 50% න් පමණ පහ‍ළ ගොස් ඇති බව ය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ වෙළඳපොළවල් වන රුසියාව හා මැදපෙරදිග කලා‍පවල පවතින ගැටලු හේතුවෙන් ඉල්ලුම පහළයාමෙන් පසුගිය ජුලි මාසය දක්වාවූ මාස 12 ක් තිස්සේ අඛණ්ඩව තේ මිල මෙන්ම අපනයන ආදායම් ද පහළ යමින් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ තුළ සමස්ථ තේ කර්මාන්තයම දැඩි අර්බුදයකට මුහුණදී සිටින ඇතර එහි දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ලක්ෂ 30 කට වැඩි සංඛ්‍යාවක් සෘජු හා වක්‍ර රැකියාවල නිරතව ඇති තුඩා තේ වතු ක්ෂේත්‍රයයි.

තේ වෙන්දේසියේ මිල පහළයාමට සාපෙක්ෂව අමු තේ දළු 1 kg ක් සඳහා ඔවුන්ට හිමිවූ මුදල ද ශීඝ්‍රයෙන් පහත වැටි තිබේ.

ජනවාරි, ‍පෙබරවාරි තේ මිල රුපියල් 80 ක්ව පැවත තිබිණ.

ජූනි, ජුලයි, අගොස්තු, සැප්තැම්බර් දක්වා සෑම මාසයකටම රුපියල් 10 බැගින් හෝ පහ බැගින් මිල අඩු වෙමින් පවති.

තේ කර්මාන්තය මුහුණදී ඇති මෙම තත්ත්වය පිළිබඳ තම අවධානය යොමුව ඇති බව ත් තේ මිල පහළ යාමේ ගැටලුවට පිළියමක් ලෙස තේ මණ්ඩලය හරහා වෙන්දේසියේ තේ මිලදී ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ජාවකදී ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]