මෙම වසරේ ගුවන්තොටුපොළ රේගු භාරයට ගත් විශාලත ම හෙරොයින් තොගය (VIDEO)

මෙම වසරේ ගුවන්තොටුපොළ රේගු භාරයට ගත් විශාලත ම හෙරොයින් තොගය (VIDEO)

කර්තෘ Sagarika Chathumali

04 Oct, 2015 | 8:27 pm

නීතිවිරෝධීව මෙරටට රැගෙන එමින් තිබූ කෝටි 5ක් වටිනා හෙරොයින් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව සිය භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඒ සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ය.

කුළු බඩු ඇසුරුම්වල අසුරා කිලෝ ග්‍රෑම් 5ක් පමණ බර මෙම හෙරොයින් තොගය රැගෙනවිත් තිබිණ.

රේගුව පැවසුවේ, ඔවුන් චෙන්නායි සිට අද අලුයම 5.5ට මෙරටට පැමිණි බව ය.

අත්අඩංගුවට පත් පුද්ගලයින් කිරුළපන හා ග්‍රෑන්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතර අවුරුදු 60ක කාන්තාවක් හා 30 හැවිරිදි ඇගේ දියණිය ද වෙති.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ, මෙම වසරේ සිය භාරයට ගත් විශාලත ම හෙරොයින් තොගය මෙය බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]