“පසුගිය රජය පරීක්ෂණ කටයුතු ප්‍රතික්ෂේප කළ ත් නව රජය සහයෝගයෙන් කටයුතු කරනවා” – එ.ජා. මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්

“පසුගිය රජය පරීක්ෂණ කටයුතු ප්‍රතික්ෂේප කළ ත් නව රජය සහයෝගයෙන් කටයුතු කරනවා” – එ.ජා. මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්

කර්තෘ Staff writer

30 Sep, 2015 | 8:20 pm

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලිය ජිනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡාවට ගෙන තිබේ.

එහිදි අදාළ යෝජනාව පිළිබඳව විවිධ රටවල් අදහස් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට ශ්‍රී ලංකාව ද සම අනුග්‍රාහකයෙකු ලෙස ඉදිරිපත්ව සිටීම විශේෂත්වයකි.

අමෙරිකාව එම යෝජනාව ඉදිරිපත් කළේ, බ්‍රිතාන්‍යය උතුරු අයර්ලන්තය , මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ යන රටවල සම අනුග්‍රහය ඇතිවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු දැක්වූ අදහස,

[quote]මෙම වාර්තාව වරම ලබාගැනීමේ අවස්ථාවේදි තිබුණාට වඩා එහි අන්තර්ගතයට වඩා දැන් වෙනස්. යහපාලනය සඳහාවූ වේදිකාවක සිට ජනාධිපතිවරයෙක් හා නව රජයක් තෝරා පත්කර ගැනීම නීතියේ ආධිපත්‍ය පිහිටුවීම ශ්‍රී ලංකාව තලා පෙළීමට ලක් කළ මානව හිමිකම් උල්ලංඝණය පිළිබදව සාකච්ඡා කිරීමට ඓතිහාසික අවස්ථාවක් උදාකරනවා. මෙය දිගුකාලින සංහිඳියාව සහ සාමය පිහිටුවාලීමට අවස්ථාවක්. අපි දකිනවා නව රජය මානව හිමිකම් ක්‍රියාවලීන් සහ මහ කොමසාරිවරයාගේ කාර්යාලය සමග නව සබඳතා ඇතිකරගන්නවා .පසුගිය රජය මානව හිමිකම් කොමිසම විසින් සිදුකිරීමට සූදානම්වූ පරීක්ෂණ කටයුතු ක්‍රම ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කළා. සහයෝගය සහ රටට ඇතුළු වීමේ ප්‍රවේශද අත්හිටවූවා. තවත් සංවේගජනක කරුණක් වෙන්නේ වින්දිතයින්ට සාක්ෂි දෙන්නන්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරින්ට බියවැද්දීමේ ක්‍රියාවලි සහ හිරිහැර සිදුකිරීමයි[/quote]

 

“පසුගිය රජය පරීක්ෂණ කටයුතු ප්‍රතික්ෂේප කළ ත් නව රජය සහයෝගයෙන් කටයුතු කරනවා” – එ.ජා. මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්Read more : http://goo.gl/mEbWLD

Posted by Newsfirst.lk on Wednesday, September 30, 2015