“සාම සාධනය සඳහා ශ්‍රී ලාංකික දායකත්වය වැඩි කිරීමට සම්පුර්ණයෙන් කැපවෙනවා” – ජනපති

“සාම සාධනය සඳහා ශ්‍රී ලාංකික දායකත්වය වැඩි කිරීමට සම්පුර්ණයෙන් කැපවෙනවා” – ජනපති

“සාම සාධනය සඳහා ශ්‍රී ලාංකික දායකත්වය වැඩි කිරීමට සම්පුර්ණයෙන් කැපවෙනවා” – ජනපති

කර්තෘ Staff writer

29 Sep, 2015 | 7:32 pm

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගිවීමට නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ විශේෂ අවස්ථා කිහිපයකට සහභාගි විය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකී මූන් මහතා රාජ්‍ය නායකයින් වෙනුවෙන් පැවැත්වූ දිවා භෝජනයට ද සහභාගි වූයේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන්, අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේද්‍ර මෝඩි යන මහත්වරුන් ඇතුළු ලෝක නායකයින් සමග එකම මේසයක අසුන්ගෙන භෝජන සංග්‍රහයට එක්වීමට ජනාධිපතිවරයාට අවස්ථාව උදාවිය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට හිමිවූ මෙම හිතෛශීභාවය සුවිශේෂී වූ බව ය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ නවසීලන්ත අග්‍රමාත්‍ය ජෝන් කේ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දෙරටට වැදගත් අංශ කිහිපයක් පිළිබඳව මෙහිදී රාජ්‍ය නායකයින් සාකච්ඡා කළ බව ය.

මේ අතර ජනාධිපතිවරයා ඊයේ එක්සත් ජාතීන්ගේ සාම සාධනය පිළිබඳ සමුළුව ඇමතී ය.

අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු නායකයින් රැසක් ඊට සහභාගි වූහ.