සඳලංකාවේ දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු අධිකරණය හමුවට (VIDEO)

සඳලංකාවේ දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු අධිකරණය හමුවට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

23 Sep, 2015 | 10:56 am

පන්නල, සඳලංකාව, හිබුඩාව ප්‍රදේශයේ දරුවෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර තරුණයා ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය එහිදී නියෝග කළේ, සැකකරු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස ය.

මේ අතර සැකකරු ලබන පළමු‍ වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද නියෝග කෙරිණ.

මේ අතර අපයෝජනයට ලක්වූ බව පැවසෙන 10 හැවිරිදි දරුවා රෝහල්ගත කර තිබේ.

සඳලංකාවේ දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දර්ශනRead More : http://goo.gl/67EGLL

Posted by Newsfirst.lk on Tuesday, September 22, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]