ලොව පුරා කාන්තාවන් හා ගැහැනු ළමුන් 7 ලක්ෂයකට අධික පිරිසක් බන්ධනාගාරවල

ලොව පුරා කාන්තාවන් හා ගැහැනු ළමුන් 7 ලක්ෂයකට අධික පිරිසක් බන්ධනාගාරවල

ලොව පුරා කාන්තාවන් හා ගැහැනු ළමුන් 7 ලක්ෂයකට අධික පිරිසක් බන්ධනාගාරවල

කර්තෘ Sagarika Chathumali

23 Sep, 2015 | 12:00 pm

ලොව පුරා කාන්තාවන් හා ගැහැනු ළමුන් ලක්ෂ 7කට අධික පිරිසක් බන්ධනාගාරගතව සිටින බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.

ලන්ඩනය මූලස්ථානය කර ගත් අපරාධ ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, 2000 වසරේ සිට කාන්තා බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 50%කින් පමණ ඉහළ ගොස් ඇති බව ය.

බන්ධනාගාරගත කර සිටින කාන්තා රැඳවියන්ගෙන් වැඩි සංඛ්‍යාවක් බන්ධනාගාරගත කර සිටින්නේ, අමෙරිකාව, චීනය හා රුසියාව යන රටවල ය.

අදාළ වාර්තාව සකස් කර ඇත්තේ, ලොව පුරා රටවල් 219ක් ඇසුරිනි.