“අගමැතිතුමාගේ වචන මාලාව වෙනස් කළේ නැත්තම් අපි මීට වඩා විරෝධය පළ කරනවා” – දිනේෂ් ගුණවර්ධන (VIDEO)

“අගමැතිතුමාගේ වචන මාලාව වෙනස් කළේ නැත්තම් අපි මීට වඩා විරෝධය පළ කරනවා” – දිනේෂ් ගුණවර්ධන (VIDEO)

කර්තෘ Staff writer

23 Sep, 2015 | 7:38 pm

පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කළ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට රැස්ව විරෝධය පළ කළේ ය.

දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, වාසුදේව නානායක්කාර හා නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ,

[quote]පාර්ලිමේන්තුවේ අනුගමනය කළ යුතු පිළිවෙත් නීති රීති ද කියන ස්ථාවර නියෝග උල්ලංඝණය කරමින් ගමන් කිරීමට එරෙහිව අපි අද දිනයේ පාර්ලිමේනතු කටයුතු වලින් ඉවත් වෙන බව ප්‍රකාශ කරමින් අපි පාර්ලිමේනතු කටයුතු වලින් ඉවත්වුනා. අපි කණගාටු වෙනවා මේ මහජන මන්ත්‍රිවරු මේ රටේ ජනතාවගේ 47 ලක්ෂයක් නියෝජනය කරන සැබෑ විපක්ෂය අපි. ඒ සැබෑ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය කඩමින් නම් ගම්වලින් සත්තුන් පියාසර කරන කුරුල්ලන්ගේ නම් වලින් ආමන්ත්‍රණය කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමා පාවිච්චිකරන වචන මාලාව මීළග දවසේ ඉවත් නොකර ගත්තොතින් අපි සභාව තුළ මීටත් වැඩිය විරෝධය ගෙනියනවා. සම්ප්‍රදාය සදාචාරය ඉටුකරන ආණ්ඩුවට මහජනතාව වෙනුවෙන් බලකරන්න. එය ඉතාම වගකීමෙන් අද අපි ප්‍රකා කරනවා.[/quote]