මනම්පිටියේදී 9 හැවිරිදි දැරියක අපයෝජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

මනම්පිටියේදී 9 හැවිරිදි දැරියක අපයෝජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

මනම්පිටියේදී 9 හැවිරිදි දැරියක අපයෝජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

23 Sep, 2015 | 6:56 am

පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, 57 ,64 හා 74 හැවිරිදි එම සැකකරුවන් මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

2014 වසරේ සිට මේ වසරේ අගොස්තු අතර කාලය තුළ සැකකරුවන් වරින් වර දැරිය අපයෝජනයට ලක් කර ඇති බව පොලීසිය පැවසී ය.

දැරිය මේ වන විට පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණ් සඳහා යොමුකර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]