ජගත් මහ සමුළුව ඇමතීමට ජනපති අමෙරිකාව බලා පිටත්ව යයි (VIDEO)

ජගත් මහ සමුළුව ඇමතීමට ජනපති අමෙරිකාව බලා පිටත්ව යයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

23 Sep, 2015 | 2:19 pm

එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අමෙරිකාව බලා පිටත්ව ගියේ ය.

අද පෙරවරු 10.25 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබද ඉදිරි මග යන තේමාව යටතේ මෙවර රාජ්‍ය නායකයින් මහමණ්ඩලයේ 70 සැසිවාරයේදී අදහස් දැක්වීමට නියමිත ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 30 වන දා සැසිවාරය අමතනු ඇති.

ඊට සමගාමීව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සමුළුවේදී ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම නිල සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය‍.