මිරිස්සේදී විදේශීය කතකට අතවර කිරීමට තැත් කළ 4 දෙනෙක් අත්අඩංගුවට (VIDEO)

මිරිස්සේදී විදේශීය කතකට අතවර කිරීමට තැත් කළ 4 දෙනෙක් අත්අඩංගුවට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

21 Sep, 2015 | 9:46 pm

මාතර, මිරිස්ස වෙරළ තීරයේදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට පහර දී ඔහුගේ පෙම්වතිය පැහැර ගැනීමට උත්සහ කළ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිස්ස වෙරළේ පැවති සාදයකට එක් වූ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා අලුයම 3ට පමණ සිය නවාතැන වෙත එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරුවන් මෙම පැහැර ගැනීම සඳහා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බව ය.

මෙම විදේශිය යුවළකට පහර දෙන ආකාරය එම ස්ථානයේ පිහිටි හෝටලයක ආරක්ෂිත කැමරාවල ද සටහන්ව තිබිණ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අවන්හලේ සේවකයින් තිදෙනෙකු හා ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසී ය.