තාප්පයක් කඩා වැටීමෙන් 5 හැවිරිදි දැරියක් මරුට

තාප්පයක් කඩා වැටීමෙන් 5 හැවිරිදි දැරියක් මරුට

තාප්පයක් කඩා වැටීමෙන් 5 හැවිරිදි දැරියක් මරුට

කර්තෘ Staff writer

21 Sep, 2015 | 9:47 am

රාගම, මහර,  ප්‍රදේශයේදී තාප්පයක් කඩා වැටීමෙන් දැරියක ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඊයේ පස්වරුවේ සිය මව සමග යමින් සිටි 5 හැවිරිදි දැරියක් මතට අදාළ තාප්පය කඩා වැටී ඇති බව ය.

අදාළ තාප්පය ඉදිකරමින් තිබූ එකක් වන අතර දැරිය එහි එල්ලීමත් සමග තාප්පය ඇගේ සිරුර මතට කඩාවැටී තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඇය රාගම රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මියගොස් තිබේ.