වෙරළ පිරිසිදු කරන්න ජනපති ත් එකතු වෙයි (VIDEO)

වෙරළ පිරිසිදු කරන්න ජනපති ත් එකතු වෙයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

19 Sep, 2015 | 7:24 pm

අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ශ්‍රි ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන උත්සවය ආරම්භ කෙරුණේ, කොළඹ ගාලු මුවදොර පිටියේදී ය.

 

වෙරළ පිරිසිදු කරන්න ජනපති ත් එකතු වෙයි

Posted by Newsfirst.lk on Saturday, September 19, 2015

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එය සංවිධාන කර තිබුණි.

සෑම වර්ෂයකම සැප්තැම්බර් මස තුන්වැනි සතියේ සෙනසුරාදා ක්‍රියාත්මක කෙරෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රාතා දිනය ක්‍රියාවට නැංවිමට ජනාධිපතිවරයා ද එක්විය.

දූපත් රාජයක් ලෙස ශ්‍රි ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 24%ක් වෙරළ කලාපයට අයත් වේ.

ඊට වර්ග කිලෝ මිටර 1700 ක් අයත් ය.

මෙරට ජනගහනයෙන් ලක්ෂ 46 ක් පමණ ජිවත් වන්නේ ද වෙරළ කලාපය ආශ්‍රිතවයි.

දැනුවත්ව හා නොදැනුවත්ව සිදු කෙරෙන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වෙරළ විනාශ වීම සිදුවේ.

විශේෂඥ මතයට අනුව ප්ලාස්ටික් බෝතලයක් දිරාපත් වීමට වසර 450 ක් ගත වේ.

වීදුරු බෝතලයක් දිරාපත්වීමට වසර ලක්ෂ 10 ක් ගත වේ.

ශ්‍රී ලංකාවට සුපිරි වෙරළක් යන තේමාව යටතේ අද සිට ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ වෙරළ තිරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම හා මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ.

අද පැවති ප්‍රදාන උත්සවය සමගාමීව මට්ටක්කුලිය කාක දූපත, ගල්කිස්ස වෙරළ තීරය. පානදුර සහ කලුතර වෙරළ තීරයන් ඇතුළු බස්නාහිර පළාතේ වෙරළ කලාපය පිරිසිදු කෙරිණ.

අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් මුහුද දූෂණය කිරීම වැළැක්වීම ත්, ජනතාව දැනුවත් කිරීමෙන් අනගාතයේ සිදුවිය හැකි සමුද්‍රික දූෂණය නැවැත්වීමටත් අපේකෂා කෙරේ.