නිව්ස්ෆස්ට් මැදිහත්වීමෙන් වන අලි තර්ජනයට ලක් වු ගම්මානවලට අලි වෙඩි සංචිත (VIDEO)

නිව්ස්ෆස්ට් මැදිහත්වීමෙන් වන අලි තර්ජනයට ලක් වු ගම්මානවලට අලි වෙඩි සංචිත (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

19 Sep, 2015 | 9:00 pm

අලි – මිනිස් ගැටුම අවම කිරිමේ අරමුණින් නිව්ස්ෆස්ට් හා වනජීවි දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රායෝගික පුහුණුව අද පැවැත්විය.

ඒ, ගල්ගමුව, කන්කානිගම ප්‍රදේශයේදී ය.

 

නිව්ස්ෆස්ට් මැදිහත්වීමෙන් වන අලි තර්ජනයට ලක් වූ ගම්මානවලට අලි වෙඩි සංචිත

Posted by Newsfirst.lk on Saturday, September 19, 2015

වන අලි තර්ජන පවතින ගම්මානවල ගම්මුන් සහභාගි කර ගනිමින් න්‍යායාත්මක දැනුම ලබා දීමේ පළමු පියවර ඊයේ ගල්ගමුවේදී ආරම්භ කෙරිණ.

එහිදි එක් ගමකින් නියෝජිතයින් තිදෙනෙකු බැගින් තොරාගනු ලැබුවේ අලියෙකු ගම් වැදුනහොත් වනජීවි දෙපාර්තමේන්තුව කඩිනමින් දැනුවත් කර නිලධාරින් පැමිණෙන තෙක් ගම්මුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් ය.

ඊයේ පැවති වැඩමුළුවේදි මතුවු ප්‍රධාන කාරණයක් වූයේ ගම්මානවලට අලි වෙඩි ලැබීමේ නිසි යාන්ත්‍රනයක් නොමැති බව ය.

ඒ අනුව අද අදාළ නියෝජිතයින්ට ගල්ගමුව වනජීවි කාර්යාලයේදී අලි වෙඩි ප්‍රධානය කිරීමක් සිදුවිය.

එහිදී අදාළ නියෝජිතයින්ට එම අලි වෙඩි භාවිත කරන අයුරු ද ප්‍රායෝගිකව පුහුණු කරනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]