විසඳුමක් නැති අලි – මිනිස් ගැටුම වෙනුවෙන් නිව්ස්ෆස්ට් නව ප්‍රජා සත්කාර වැඩසටහනක් අරඹයි (VIDEO)

විසඳුමක් නැති අලි – මිනිස් ගැටුම වෙනුවෙන් නිව්ස්ෆස්ට් නව ප්‍රජා සත්කාර වැඩසටහනක් අරඹයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

18 Sep, 2015 | 8:07 pm

විසඳුමක් නැති අලි මිනිස් ගැටුම මැද අසරණ වූ මිනිසුන්ට සවියක් වන්නට නිව්ස්ෆස්ට් අද නව ප්‍රජා සත්කාරක වැඩසටහනක් ආරම්භ කළේය.

වනගහනය අඩුවෙත්ම ජනගහනය පවතින ප්‍රදේශ වෙත සංක්‍රමණය වන, වන අලි වගා බිම් පමණක් නොව මිනිස් ජීවිත බිලිගැනීම ද දැන් සුලභ තත්ත්වයක් බවට පත්ව තිබේ.

 

විසඳුමක් නැති අලි – මිනිස් ගැටුම වෙනුවෙන් නිව්ස්ෆස්ට් නව ප්‍රජා සත්කාර වැඩසටහනක් අරඹයි

Posted by Newsfirst.lk on Friday, September 18, 2015

මේ නිසා වසරකට අහිමි වන මිනිස් ජීවිත ගණන 100කට අධික ය.

එමෙන්ම වන අලීන් 250ක් පමණ අහිමි වන තත්ත්වයක් මතුව තිබේ.

වයඹ පළාත වන අලින්ගේ තර්ජනයට ලක්වූ ප්‍රධාන කලාපයකි.

වන අලීන් ගම්වැදුණු විට කලබල වන ජනතාව හානිකර තත්ත්වයකට පත්වීම වැළැක්වීමට ත් වනජීවී නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීම ලබා ගැනීමටත් අවශ්‍ය කථිකාවක් ගොඩ නැගීම අද නිව්ස්ෆස්ට්හී මැදිහත් වීමෙන් ආරම්භ කෙරුණේ ගල්ගමුව කන්කානියාගම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ය.

වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ද මෙම සාකච්ඡාවට එක්විය.

මෙම කථීකාවේදී වනඅලි උවදුරුවලින් මිදීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග ප්‍රවේශම්කාරී සූදානම හා ආරක්ෂාකාරීව වන අලි පලවා හැරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ.

වැඩසටහනේදී එක් එක් ගම්මානවලින් ප්‍රජා මූලිකයන් තෝරා ගෙන වන ජීවි නිලධාරීන් හා සම්බන්ධීකරණය සඳහා යොමු කෙරේ.

ඒ අනුව මෙම අවස්ථාවට සහභාගීවී සිටි ගම්මාන 5 කින් නියෝජිතයින් 3 දෙනෙක් තෝරාගනු ලැබිණි.

මෙම වැඩසටහන ඉදිරියේදී ප්‍රායෝගික ක්‍රියාවලියක් ලෙස අත්හදා බැලීමටද නියමිත ය.

එමෙන්ම වන අලි තර්ජන පවතින සෙසු පළාත්වල ජනතාව වෙනුවෙන් ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නිව්ස්ෆස්ට් බලාපොරොත්තු වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]