JUST IN: කොළඹ පිටත වටරවුම් අධිවේගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ජනතා අයිතියට

JUST IN: කොළඹ පිටත වටරවුම් අධිවේගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ජනතා අයිතියට

කර්තෘ Sakila Udayakumara

17 Sep, 2015 | 3:17 pm

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස නිල වශයෙන් විවෘත කිරීම දැන් සිදු වේ.

ඒ, මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි.

කිලෝ මීටර 9ක දිගින් යුත් එම කොටස අද රාත්‍රී 9.00 සිට රථ වාහන ධාවනය සඳහා විවෘත කරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා සඳහන් කළේ ය.

කඩුවෙල සිට කඩවත දක්වා ධාවනය කරන සැහැල්ලු වාහන සඳහා රුපියල් 100ක මුදලක් සහ බර වාහන සඳහා රුපියල් 200ක් මුදලක් අය කරන බව  මහා මාර්ග අමාත්‍යංශය පවසයි.