8 වැනි රග්බි ලෝක කුසලානයට සියල්ල සූදානම්

8 වැනි රග්බි ලෝක කුසලානයට සියල්ල සූදානම්

8 වැනි රග්බි ලෝක කුසලානයට සියල්ල සූදානම්

කර්තෘ Chathuranga Rajapaksha

17 Sep, 2015 | 9:49 pm

8 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය මෙරට වේලාවෙන් හෙට මධ්‍යම රාත්‍රීයේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී ආරම්භ වේ.

කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 20ක් ලෝක රග්බි කිරුළ වෙනුවෙන්, තරග වැදීමට නියමිතය.

ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ, සත්කාරක එංගලන්තය සහ ෆිජි කණ්ඩායම් අතරයි.

දෙපිලම ඊයේ අවසන් පුහුණු සැසියට සහභාගී විය.

හෙට ආරම්භ වන ලෝක කුසලාන රග්බි තරගාවලියට තරග 48ක් ඇතුළත් අතර, අවසන් තරගය පැවැත්වෙන්නේ, ලබන මස 31 වන දා ය‍.

සිව් වසරකට වරක් පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලිය දැක ගැනීම සඳහා සංචාරයකින් විශාල පිරිසක්, මේවනවිටත් එංගලන්තයට පැමිණ අවසන් ය.