ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ කල්ලියක් පිළිබඳ පුළුල් පරීක්ෂණ

ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ කල්ලියක් පිළිබඳ පුළුල් පරීක්ෂණ

ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ කල්ලියක් පිළිබඳ පුළුල් පරීක්ෂණ

කර්තෘ Staff writer

17 Sep, 2015 | 10:51 am

දුරකතන ඇමතුම් මගින් ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, බන්ධනාගාරගතව සිටින විවිධ ආපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් මෙම කප්පම් කල්ලි මෙහෙයවන බව ය.

ඔවුන් කොළඹ හා අවට ප්‍රදේශ ගණනාවක ව්‍යාපරිකයින්ට දුරකතන ඇමතුම් ලබා දී කප්පම් ඉල්ලා ඇති අතර එසේ කප්පම් ලබා නොදෙන පුද්ගලයින් මරා දමන බවට තර්ජනය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි පුද්ගලයින්ට රැවටී කප්පම් මුදල් ලබා නොදෙන ලෙස ය.

සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය සඳහන් කළේ ය.