පුත්තලම, මංගලඑළියේ පොල් වගාව වනසන දළඹුවෙක් (VIDEO)

පුත්තලම, මංගලඑළියේ පොල් වගාව වනසන දළඹුවෙක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

17 Sep, 2015 | 1:17 pm

පුත්තලම, මංගලඑළිය ප්‍රදේශයේ පොල් වගාවට හානි කරන දළඹුවෙකු හේතුවෙන් වගාව විනාශ‍ වෙමින් ඇතැයි වතු හිමියෝ පවසති.

පුත්තලම, මංගලඑළිය පොල් වගාකරුවන් පවසන්නේ මෙම දළඹුවා පොල් අතු අතරට ගොස් ඉරටුව දක්වා ආහාරයට ගෙන සළබයෙකු බවට පත්ව පියඹා ගොස් ව්‍යාප්ත වන බව ය.

මෙම ත්ත්ත්වය හමුවේ පොල් ගසට දැඩි බලපෑමක් සිදුවන බව වගාකරුවෝ පවසති.

අප වාර්තාකරු පැවසුවේ, කුෂීට දළඹුවා ලෙස මෙම දළඹු‍ විශේෂය හඳුන්වන බව ය.

පොල් සංවර්ධන මණ්ඩලයේ මාරවිල ප්‍රදේශීය කළමනාකරු ජයන්ත බමුණුආරච්චි මහතාගෙන් අපි මෙම ගැටලුව පිළිබඳව විමසීමක් කළෙමු.

එහිදී බමුණුආරච්චි මහතා පැවසුවේ, මෙම දළඹුවා විනාශ කිරීම සඳහා පොල් ගසට රසායනිකයක් එන්නත් කිරීමට සිදුවන බව ය.

එය පොල් සංවර්ධන මණ්ඩලයේ උපදෙස් මත කළ යුත්තක් බව ද මාරවිල ප්‍රදේශීය කළමනාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

පුත්තලම, මංගලඑළියේ පොල් වගාව වනසන දළඹුවෙක්

Posted by Newsfirst.lk on Thursday, September 17, 2015