දෙවන කාර්තුවේදී මෙරට ආර්ථීකය 6.7 % ක වර්ධන වේගයක් (VIDEO)

දෙවන කාර්තුවේදී මෙරට ආර්ථීකය 6.7 % ක වර්ධන වේගයක් (VIDEO)

කර්තෘ Staff writer

17 Sep, 2015 | 9:14 am

දෙවන කාර්තුවේ මෙරට ආර්ථීකය 6.7 % න් වර්ධනය වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ වසරේ සිට ආර්ථික වර්ධනය නවීන ක්‍රමවේදයන් යටතේ ගණනය කිරීමට කටයුතු කර ඇති බව ය.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආර්ථික වර්ධනය ගණනය කරන ක්‍රමවේදයේ නව වෙනස්කම් පිළිබඳව ඊයේ කොළඹදී දැනුවත් කළේ ය.

එහිදි අනාවරණ වූයේ, ආර්ථික වර්ධනය ගණනය කිරීම සඳහා මින් පෙර සලකා බැලු 2002 පදනම් වර්ෂය 2010 ලෙස යාවත්කාලීන කර ඇති බව ය.

මේ අතර මෙතෙක් කෘෂි, කාර්මාන්ත හා සේවා ලෙස සලකා බැලූ ආර්ථික ව්‍යුහයට බදු සහ සහනාධාර වශ‍යෙන් තවත් කොටසක් එක් කර තිබේ.

මෙහිදී නව මිල දර්ශකයක් ද හඳුන්වා දුන්නේ ය.

 

දෙවන කාර්තුවේදී මෙරට ආර්ථීකයේ 6.7% ක වර්ධනයක්

Posted by Newsfirst.lk on Wednesday, September 16, 2015