ජල ගැටලුවට විසදුම් ඉල්ලා මොනරාගල ජනතාව වීදි බසී (VIDEO)

ජල ගැටලුවට විසදුම් ඉල්ලා මොනරාගල ජනතාව වීදි බසී (VIDEO)

කර්තෘ Staff writer

17 Sep, 2015 | 1:52 pm

තමන්ට අසූචි මිශ්‍ර ජලය ලබාදෙන බවට චෝදනා කරමින් අද විරෝධතාවක් පැවැතිණි.

මොනරාගල නගර මධ්‍යයේ මෙම විරෝධතාව පැවැත්වුණේ, මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමිනි.

මොනරාගල නාගරික ප්‍රදේශයට නළ ජලය සැපයෙන ජීලෝන් කන්ද ජල මූලාශ්‍රයට අසූචි මිශ්‍රවී ඇති බවට පසුගියදා අනාවරණය විය.

මොනරාගල දිස්ත්‍රික්කයේ සෙංගමාල රෝගය ව්‍යාප්ත වූයේ මේ හේතුවෙන් බවට සැකකෙරේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, නගරයේ සියලු වෙළඳසැල් වසාදමමින් ප්‍රදේශවාසින් මෙම විරෝධතාවට එක්ව සිටි බව ය.

මේ නිසා මොනරාගල,කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය පැය දෙකකට අධික කාලයක් මුලුමනින්ම අඩාල වී තිබේ.

 

ජල ගැටලුවට විසදුම් ඉල්ලා ,මොණරාගල ජනතාව වීදි බසීRead more : http://goo.gl/tu0ZhS

Posted by Newsfirst.lk on Thursday, September 17, 2015