ගෝඨාභය රාජපක්ෂ යළි ත් බරපතළ මූල්‍ය වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

ගෝඨාභය රාජපක්ෂ යළි ත් බරපතළ මූල්‍ය වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

ගෝඨාභය රාජපක්ෂ යළි ත් බරපතළ මූල්‍ය වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

කර්තෘ Sagarika Chathumali

17 Sep, 2015 | 12:38 pm

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළි ත් බරපතළ මූල්‍ය වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.

එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ රක්නා ලංකා සමාගමේ සේවකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ සිද්ධියකට අදාළව සාක්ෂි ලබා ගැනීම සඳහා ඔහු අද කැඳවා ඇති බව ය.

මීට අමතරව මෙම සිදුවීම පිළිබඳ සාක්ෂි ලබා ගැනීම සඳහා තවත් පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට කොමිසම හමුවේ පෙනී සිට ඇති බව ද ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.