කඩුවෙල – කඩවත අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේදී කාන්තාවක් විරෝධය පළ කරයි (VIDEO)

කඩුවෙල – කඩවත අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේදී කාන්තාවක් විරෝධය පළ කරයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

17 Sep, 2015 | 7:57 pm

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද විවෘත කෙරිණ.

මාර්ගය විවෘත කෙරුණේ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

කඩුවෙල – කඩවත අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේදී “මහින්ද මහත්තයාට ජය වේවා” කියමින් කාන්තාවක් විරෝධය පළ කරයි

Posted by Newsfirst.lk on Thursday, September 17, 2015

කඩවත අන්තර් හුවමාරු අසළදී පළමු විවෘත කිරීම සිදුවිය.

අදාළ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි කාන්තාවක් එහිදී විරෝධය පළ කළ අතර පසුව ඇය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගය නිල වශයෙන් විවෘත කළ අමාත්‍යවරයා ඇතුළු පිරිස අනතුරුව කඩවත සිට කඩුවෙල දක්වා පැමිණියහ.

කිලෝමීටර් 8.9 ක් දිවෙන කඩවත, කඩුවෙල කොටස මංතීරු 4කින් සමන්විතයි.

රුපියල් බිලියන 45කට ආසන්න මුදලක් වැය කර ඉදිකර ඇති මාර්ගයට සමගාමීව කැලණි ගඟ හරහා පාලම් දෙකක් ද වන අතර එමඟින් කඩුවෙල නගරයේ හා කැලණි ගඟ හරහා වන දැනට ඇති පාලම ආශ්‍රිත වාහන තදබදය අඩු වනු ඇතැයි අපේක්ෂිත ය.

මේ අතර කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය හුවමාරු මධ්‍යස්ථානය ද අද විවෘත කෙරිණ.