ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට්ගේ නායකත්වයට අභියෝගයක්

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට්ගේ නායකත්වයට අභියෝගයක්

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට්ගේ නායකත්වයට අභියෝගයක්

කර්තෘ Staff writer

14 Sep, 2015 | 1:05 pm

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට්ගේ නායකත්වයට අභියෝගයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය අද දහවල් වාර්තා කර තිබේ.

මෙම අභියෝගය මතුවූයේ එරට හිටපු ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකුගෙනි.

ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ මැල්කම් ටර්න්බුල් මහතා අද අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් මහතා හමුවී පක්ෂ නායකත්වය සඳහා ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප් ද මෙම ඉල්ලීම සිදුකර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම අමාත්‍යවරුන්, නායකත්වය පිළිබඳ මතය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවකට ද සූදානම් වේ.

ඔස්ට්‍රේලියානු ආග්‍රාමාත්‍යවරයාට එරෙහි නායකත්ව අර්බුධය මතුවීමට ආසන්නතම හේතුව වන්නේ, ඔස්ට්‍රේලියාවේ බටහිර කැනන් හි අතුරු මැතිවරණයේදී කම්කරු පක්ෂය පෙන්වූ දුර්වල නායකත්වයයි.