අග්‍රාමාත්‍යවරයාගේ පළමු විදෙස් නිල සංචාරය පිළිබඳ තොරතුරු News1st තුළින්

අග්‍රාමාත්‍යවරයාගේ පළමු විදෙස් නිල සංචාරය පිළිබඳ තොරතුරු News1st තුළින්

කර්තෘ Sagarika Chathumali

13 Sep, 2015 | 9:36 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට ඉන්දීයාවේ නිල සංචාරයක් සදහා පිටත්ව යාමට නියමිත ය.

මෙය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව කරන පළමු විදෙස් නිල සංචාරය වේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි සහ විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යේෂ්ඨයින් සමග ඔහු මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිත ය.

ස්වී පාර්ශ්වික මිත්‍රත්වය ශක්තිමත් කිරීම, කලාපීය සාමය හා සංහිදියාව ශක්තිමත් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මේ සංචාරයේදී අවධානය යොමුවනු ඇතැයි, අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් දෙරට අතර මිත්‍රත්වය ප්‍රකට කිරීමේ සංඛේතයක් ලෙස මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ පළමු විදෙස් සංචාරය පිළිබඳ ඉන්දියාවේ සිට තොරතුරු වාර්තා කිරීමට News1st කටයුතු යොදා තිබේ.

එහි සිට News1st විශේෂ නියෝජිත ෂමීර් රසූල්ඩීන් සහ ෆෙඩ්රික් දිසානායක මේ පිළිබඳව විශේෂ තොරතුරු ගෙන ඒමට නියමිත ය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව කරන පළමු ‍විදෙස් නිල සංචාරය පිළිබඳව නවදිල්ලි නුවර සිට තොරතුරු ගෙන එන News1st විශේෂ වාර්තාකරු ෂමීර් රස්ලුඩීන්

Posted by Newsfirst.lk on Sunday, September 13, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]