මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති හේතුවෙන් අවතැන්වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (VIDEO)

මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති හේතුවෙන් අවතැන්වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

11 Sep, 2015 | 7:21 am

මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වූ ජනයාට නැවත පදිංචිය සඳහා පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

ඒ, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් ඊයේ හමු වූ අවස්ථාවේදී ය.

ව්‍යාපෘතියට අවශ්‍ය භෞතික හා මානව සම්පත් නිසි පරිදි ලබා ගෙන නියමිත කාල සැලසුමට ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා අවශ්‍ය සම්පත් බාධාවකින් තොරව සැපයීමට ද ජනාධිපතිවරයා එහිදී එකඟ වී තිබේ.

මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට 53%කින් අවසන් වී ඇති අතර 2017 වසරේදී එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත ය.

පරිසර අමාත්‍යංශයේදී පැවති එම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය පානීය ජලය කඩිනමින් සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ ඒ ආශ්‍රිත ගැටලු පිලිබඳව සොයා බැලීමට තමන් ඉදිරියේදී එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වන බව ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 

මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති හේතුවෙන් අවතැන්වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්Read story: http://goo.gl/6YVl0O

Posted by Newsfirst.lk on Thursday, September 10, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]