ආනයනික අර්තාපල් සහ සීනි සඳහා බදු ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ සීනි සඳහා බදු ඉහළ දමයි

කර්තෘ Sagarika Chathumali

09 Sep, 2015 | 2:09 pm

ආනයනික අර්තාපල් සහ සීනි සඳහා පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 10 කින් හා සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 12 කින් බදු ඉහළ නංවා ඇති බව ය.

කෙසේ වෙතත් බදු ඉහළ නැං වුවද සීනි සඳහා වන පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

දේශිය අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළ වෙත පැමිණිම හේතුවෙන් ආනයනික අර්තාපල්වල බදු ඉහළ දැමීමට තීරණය කළ බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]