ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත්කිරීම මේ සතිය තුළ

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත්කිරීම මේ සතිය තුළ

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත්කිරීම මේ සතිය තුළ

කර්තෘ Staff writer

07 Sep, 2015 | 6:53 am

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත්කිරීම සඳහා මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වෙන බව කථානායක කරූ ජයසුරිය මහතා පැවසී ය.

කථානායකවරයා පැවසුවේ, ව්‍යවස්ථාදායක සභාවට නිල වශයෙන් තේරී පත් වූ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා සමග එක්ව මෙම සාකච්ඡා පවත්වන බව ය.

මේ අතර අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, ව්‍යවස්ථාදායක සභාවේ සෙසු මන්ත්‍රීවරුන් නම් කිරීම මේ සතිය තුළ සිදුකිරීමට නියමිත බව ය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවනු ලැබී ය.

එය සාමාජිකයින් 15දෙනෙකුගෙන් සමන්විත වන අතර එමගින් කොමිෂන් සභා 13ක් සඳහා නියෝජිතයින් පත්කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]