හෙරොයින් සමග දෙදෙනෙකු කොම්පඤ්ඤ වීදියේදී පොලිස් දැලේ

හෙරොයින් සමග දෙදෙනෙකු කොම්පඤ්ඤ වීදියේදී පොලිස් දැලේ

කර්තෘ Chathuranga Rajapaksha

05 Sep, 2015 | 4:36 pm

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එක් සැකකරුවෙකු ඩෝසන් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

ඔහු සතුව තිබූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 360කි.

මේ අතර තව ත් සැකකරුවෙකු වොක්ෂෝල් වීදිය 87 වත්ත ප්‍රජා ශාලාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගැනිණ.

සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]