පළාත් පාලන ආයතන 23 ක නිල කාලය ඔක්තෝබර් මාසයේ අවසන්

පළාත් පාලන ආයතන 23 ක නිල කාලය ඔක්තෝබර් මාසයේ අවසන්

පළාත් පාලන ආයතන 23 ක නිල කාලය ඔක්තෝබර් මාසයේ අවසන්

කර්තෘ Chathuranga Rajapaksha

05 Sep, 2015 | 10:30 am

පළාත් පාලන අයතන 23 ක නිල කාලය ලබන ඔක්තෝබර් මාසයෙන් අවසන් විමත් සමග ආයතන දෙකක් හැර සියලුම පළාත් පාලන අයතනවල නිල කාලය අවසන් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

පුදුකුඩිඉරිප්පු හා මුහුදුබඩපත්තු අදාළ පළාත් පාලන අයතන දෙක වේ.

ඒ සඳහා පවතින නඩුවක් හේතුවෙන් මෙතෙක් ඡන්ද විමසීම සිදු කර නොමැති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

දැනටමත් නිල කාලය අවසන් ඇති පළාත් පාලන අයතන විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කර තිබේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතන සඳහා නව පනතක් සම්මත වී ඇති අතර ඊට සරිලන අයුරින් පළාත් පාලන ආයතන මුහුණුවර වෙනස් කිරිමට අවශ්‍ය බව ය.

මීළඟ පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු වේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ඒ සඳ‍හා සීමා නිර්ණය කළ යුතු අතර එම කටයුතු ද අවසන් කර ඇති බව ය.

එය ගැසට් කිරීමට පියවර ගෙන ඇතත් තවම ත් අදාළ ගැසට් නිවේදනය මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලැබී නොමැත.

දිවයින පුරා අලුතින් හඳුන්වාදෙන කොට්ඨාස සංඛ්‍යාව හා ඊට අදාළවන සභිකයින් සංඛ්‍යාව පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]