බදුල්ල, හාලිඇලදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් 10කට තුවාල (VIDEO)

බදුල්ල, හාලිඇලදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් 10කට තුවාල (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 2:12 pm

බදුල්ල, හාලිඇල, අඹවකදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම අනතුර අද උදෑසන 4.50 ට පමණ සිදුව ඇති බව ය.

තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, පුත්තලම සිට දියතලාවේ මංගල උත්සවයකට සහාභාගී වෙමින් සිටි 34 දෙනෙකු එම බස් රථයේ ගමන් කර ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ 10 දෙනෙක් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබති.

 

බදුල්ල, හාලිඇලදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් 10කට තුවාලRead story: http://goo.gl/EQEBpG

Posted by Newsfirst.lk on Saturday, August 29, 2015