පොලිතින් අවම කිරීමට නව නීති: වසර 02ක් තුළ ඇස්බැස්ටස් තහඩු තහනම් – ජනපතිගේ තීරණයක් (VIDEO)

පොලිතින් අවම කිරීමට නව නීති: වසර 02ක් තුළ ඇස්බැස්ටස් තහඩු තහනම් – ජනපතිගේ තීරණයක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 8:20 pm

ලබන වසරේ සිට පොලිතින් භාවිතය අවම කිරීමට ත් ඇස්බැස්ටස් තහඩු තහනම් කිරීමට ත් පියවර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහනුවරදී ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, පාරිසරික සත්කාරක වැඩසටහනට එක් වූ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසු දරුවන් අගයමින් සහතික පත් ප්‍රදානය කළ අවස්ථාවේදී ය.

මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්ව ශ්‍රී දළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාර වැඩසටහන 12 වැනි වරට ත් සංවිධාන කර තිබේ.

පූජනීය දළදා සංස්කෘතිය නම් ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිරිනැමුවේ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසිනි.

කඩොල සංරක්ෂණ කිරීමේ ව්‍යපෘති වාර්තාවක් ද එහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමී ය.

 

පොලිතින් අවම කිරීමට නව නීති: වසර 02ක් තුළ ඇස්බැස්ටස් තහඩු තහනම් – ජනපතිගේ තීරණයක්Read story: http://goo.gl/4agMv4

Posted by Newsfirst.lk on Saturday, August 29, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]