නෙළුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තව ත් අයෙකුට බරපතළයි

නෙළුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තව ත් අයෙකුට බරපතළයි

නෙළුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තව ත් අයෙකුට බරපතළයි

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 8:54 am

නෙළුව, දෙල්ලව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තව ත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඊයේ රාත්‍රී 7.30 ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව ය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා මොරවක රෝහලට ඇතුළු කිරීමේදී එක් අයෙකු මිය ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මාතර රෝහලට මාරු කර යවා තිබේ.

පොලීසිය පැවසුවේ, පැරණි අමනාපයක් වෙඩි තැබීමට හේතු වී ඇති බව ය.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]