නිවසකට හානි කළ බීමත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පැමිණි වැලිගම පොලීසියේ නිලධාරීන්ට ප්‍රහාරයක් (VIDEO)

නිවසකට හානි කළ බීමත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පැමිණි වැලිගම පොලීසියේ නිලධාරීන්ට ප්‍රහාරයක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 9:39 pm

නිවසකට හානි කළ බීමත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පැමිණි වැලිගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

බීමත් පුද්ගලයින් තිදෙනෙක් වැලිගම, මූදුගම ප්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කර තිබෙන්නේ, ඊයේ රාත්‍රියේ ය.

එහිදී නිවසේ සිටි දෙදෙනෙකුට ද තුවාල සිදු වූහ.

නිවැසියන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමක් කර තිබෙන අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට ද පහර දී සැකකරුවන් පළා ගොස් තිබේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලීසිය පවසයි.

තව ත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක ය.

 

නිවසකට හානි කළ බීමත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පැමිණි වැලිගම පොලීසියේ නිලධාරීන්ට ප්‍රහාරයක්Read story: http://goo.gl/CmcXIc

Posted by Newsfirst.lk on Saturday, August 29, 2015