දළදා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

දළදා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

දළදා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 7:19 am

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත ය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සංස්කෘතිකාංග රැසකින් යුක්ත පෙරහැර සඳහා කලාකරුවන් 1500 ක් සහ අලි ඇතුන් 90 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව ය.

අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් මේ වන විට ත් මහනුවර නගරයට පැමණ සිටින බව නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]