English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
29 Aug, 2015 | 7:54 pm
කැලණි ගඟට මිශ්‍ර වූ තෙල් ඉවත් කළ බව ප්‍රකාශ කෙරුණ ද ඒ පිළිබඳව ජනතාව තුළ තවම ත් සැක සංකා පවතියි.
කැලණි ගඟට තෙල් මිශ්‍ර වීම ත් සමග එහි ජලය අඹතලේ පවිත්‍රාගාරයේ සිට බෙදා හරින කොළොන්නාව, කෝට්ටේ, මාලිගාකන්ද, දෙහිවල හා මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවකට පත්විය.
ඔවුන් පැවසුවේ, ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලාවලින් මෙන් ම ගඟ පරිහරණය කරන්නන් අඛණ්ඩව කැලණි ගඟට අපද්‍රව්‍ය නිකුත් කරන බව ය.
කෙසේ වුව ද ඊයේ වන විට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වූ බව ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ගිය නිව්ස්ෆස්ට් කණ්ඩායමට දක්නට ලැබුණේ, කැලණි ගඟෙන් ලබා ගන්නා ජලය පියවර කිහිපයක් ඔස්සේ පැය දෙකකට ආසන්න කාලයක් පවිත්‍රකරණය සිදු වන ආකාරයයි.
ජල පවිත්‍රකරණ ටැංකි 6කින් සමන්විත එම පවිත්‍රාගාරය 1966 වසරේ ඉදිකෙරුණු අතර කලින් කලට එය වැඩිදියුණු කෙරිණි.
කෙසේ වුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තවදුරට ත් පොම්පාගාරය තුළට තෙල් මිශ්‍ර ජලය ගලා ඒමේ අනතුරක් පවතින බව ස්ථාන භාර නිලධාරීවරයා පැවසී ය.
කැලණි ගඟේ අද පවතින තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමට ද නිව්ස්ෆස්ට් කන්ඩායම කටයුතු කළේ ය.
කැලණි ගඟේ වතුර ගැන තිබූ බිය පහ වෙයිRead story: http://goo.gl/dgYlDl
Posted by Newsfirst.lk on Saturday, August 29, 2015
19 Jan, 2019 | 10:17 PM
06 Sep, 2018 | 04:51 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS