ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කෙරේ (VIDEO)

ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කෙරේ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 12:34 pm

වව්නියාව ඕමන්තේ හමුදා මුරපොළ හරහා අද සිට නිදහසේ ගමන් බිමන් යාමට ජනතාවට ඉඩකඩ සැලසෙයි.

යුද සමයේ මෙන් ම සටන් විරාම සමයන්හිදී ඕමන්තේ මුරපොළේ පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදු කෙරිණි.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ලැබූ ප්‍රගතිය සොයා බැලීමට අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණිම ත් සමග පසුගිය පෙබරවාරි 03 වන දා ඕමන්තේ මුරපොළේ පරික්ෂා කිරීම් නතර කෙරිණි.

එහෙත් ඊට දින 05කට පසු යළි ත් පරික්ෂා කිරීම් ඇරඹිණි.

අද සිට ඕමන්තේ මුරපොළේ සිදු කළ වාහන ලියාපදිංචිය, පුද්ගල පරීක්ෂාව මේ අනුව නතර කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

 

ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කෙරේRead story: http://goo.gl/FsiF7Z

Posted by Newsfirst.lk on Saturday, August 29, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]