විභාග ශාලාවෙන් ඉවතට පැමිණි උසස් පෙළ ‍සිසුවෙකුට මිනුවන්ගොඩදී කඩු ප්‍රහාරයක්

විභාග ශාලාවෙන් ඉවතට පැමිණි උසස් පෙළ ‍සිසුවෙකුට මිනුවන්ගොඩදී කඩු ප්‍රහාරයක්

විභාග ශාලාවෙන් ඉවතට පැමිණි උසස් පෙළ ‍සිසුවෙකුට මිනුවන්ගොඩදී කඩු ප්‍රහාරයක්

කර්තෘ Staff writer

27 Aug, 2015 | 7:11 am

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අ.පො.ස. උසස් පෙළ විභාගය නිමවා විභාග ශාලාවෙන් ඉවතට පැමිණි පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් කඩුවකින් පහර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු අදාළ සිසුවාට එලෙස පහර දී පළාගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

එලෙස පහර දීමට ලක්ව ඇත්තේ, මිනුවන්ගොඩ පන්සිල්පුර පදිංචි සිසුවෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]