සජීවී වැඩසටහනක් අතරතුර WDBJ7 මාධ්‍යවේදීන් දෙදෙනා ඝාතනය කළ සැකකරු දිවි නසා ගනී (VIDEO)

සජීවී වැඩසටහනක් අතරතුර WDBJ7 මාධ්‍යවේදීන් දෙදෙනා ඝාතනය කළ සැකකරු දිවි නසා ගනී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2015 | 8:13 am

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ මොනීටාහිදී සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර WDBJ7 නාලිකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති සැකකරු ද, එම රූපවාහිනී නාලිකාවේ හිටපු සේවකයෙකු බව ය.

සජීවී රූපවාහිනී වාර්තාවක් ගෙන එමින් සිටි අමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු එරට වර්ජීනියා ප්‍රාන්තයේ මොනීටාහිදී වෙඩි තබා ඝාතනය ලක්වුණේ, ඊයේ පස්වරුවේ ය.

ඇලිසන් පාකර් නමැති 24 හැවිරිදි වාර්තාකාරිණිය හා 27 හැවිරිදි ඇඩම් වෝර්ඩ් නම් කැමරා ශිල්පියා වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩිතබා ඇත්තේ, අදාළ රූපවාහිනී ආයතනයේ ම හිටපු සේවකයෙකු වන 41හැවිරිදි වෙස්ටර් ලී ෆ්ලැනගන් නමැති පුද්ගලයෙකු විසිනි.

වෙඩි තැබීමේ සිද්ධියට අදාළ දර්ශන පෙළ පහතින්….

 

Shocking footage of two US Journalists being shot dead on Live TVShocking footage of two US Journalists being shot dead on Live TVFull Story: http://goo.gl/mm40KG

Posted by Newsfirst.lk on Wednesday, August 26, 2015

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]