ලෝක තෙල් මිල පහළ යාමේ වාසිය නව මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසුව මෙරට පාරිභෝගිකයින්ට

ලෝක තෙල් මිල පහළ යාමේ වාසිය නව මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසුව මෙරට පාරිභෝගිකයින්ට

ලෝක තෙල් මිල පහළ යාමේ වාසිය නව මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසුව මෙරට පාරිභෝගිකයින්ට

කර්තෘ Sakila Udayakumara

27 Aug, 2015 | 8:16 pm

ලෝක තෙල් මිල පහළ යාමේ වාසිය මෙරට පාරිභෝගිකයින්ට හිමි වන්නේ, නව මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, ඛනිජ තෙල් සඳහා වන මිල සූත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව ය.

මාස දෙකකට පෙර අමෙරිකානු ඩොලර් 60 ත් 65 ත් අතර තිබූ බොරතෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 39 ත් 43 ත් අතර මිලක් දක්වා ඩොලර් 22 කින් පමණ පහළ ගොස් තිබේ.

ලෝක බොරතෙල් මිල 35% කින් පමණ පහළ වැටී ඇති තත්ත්වයක් තුළ එහි වාසිය දේශීය පාරිභෝගිකයාට හිමි වන්නේ කෙසේදැයි අප විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයෙන් විමසීමක් කළේ ය.

එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කළේ, මින් පසු දේශීය තෙල් මිල තීරණය කරනුයේ මිල සුත්‍රයක් හරහා බවට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ය.

මේ වන විට අදාළ මිල සූත්‍රය සකස් කර මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව ත් නව කැබිනට් මණ්ඩලය පත් වීමෙන් අනතුරුව එය ක්‍රියාවට නැංවෙනු ඇති බවට ත් ඔහු විස්වාසය පළ කළේ ය.

ලේකම්වරයා ප්‍රකාශ කළ පරිදි යෝජිත මිල සූත්‍රය සැකසෙන්නේ ලෝක තෙල් මිල හා නැව් ගාස්තු ඇතුළත්ව වරායට පැමිණෙන විට තෙල් ලීටරයක් සඳහා වන මිලට දේශීය වශයෙන් දැරීමට සිදුව තව ත් ගාස්තු කිහිපයක් එක් කිරීමෙන් පසුව ය.

ඒ, ගබඩා ගාස්තු, ප්‍රවාහන ගාස්තු, ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය පිරිවැය හා ප්‍රවාහනයේදී සිදුවන වාෂ්පවීම් සඳහා වෙන් කළ යුතු පිරිවැය ද ඊට ඇතුළත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]