
ළමුන් දූෂණය කරන්නන්ට නිසි දඬුවම් නොලැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
ළමුන් දූෂණය කරන්නන්ට නිසි දඬුවම් නොලැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
කර්තෘ Staff writer
වයස අවුරුදු 16ට අඩු ළමුන් දූෂණය කළ ඇතැම් පුද්ගලයින්ට අධිකරණ මගින් නිසි දඬුවම් නොලැබීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කමිටුවක් පත් කර තිබේ.
එහි සභාපති නිතීඥ නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය පැවසුවේ, දණ්ඩ නීති සංග්‍රහය අනුව ඒ සඳහා දියහැකි අවම දඬුවම් පවතින බව ය.
කෙසේ වෙතත්, ළමුන් දූෂණය කරන ඇතැම් පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ලබාදෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බව හැඟී යන බව ද නිතීඥ නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය පෙන්වා දෙයි.
ඒ අනුව, ඒ සඳහා පත්කර ඇති කමිටුව මගින් ඊට හේතු සොයා බැලෙනු ඇති.
ඊට අමතරව එම කමිටුව මගින් අදාළ වරදකරුවන්ට දඬුවම් දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වන යෝජනා, නීතිපති දෙපාර්තමේන්තුවට ඉදරිපත් කිරීමට අපේක්ෂිත බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවා ය.
- නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කෙරේ
- ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 20යි 20 ලෝක කුසලාන කණ්ඩායම සැකසීමේ පළමු පියවරයි – කොදෙව් පුහුණුකරු
- කොවිඩ් මළ සිරුරු භූමදානය කළ හැකි ස්ථාන 06ක් ගැන රජයේ අවධානය
- තරග පාවා දීමේ චෝදනා: සචිත්ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි
- දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම පිළිබඳ සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට ලිපියක්..
- කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුගේ පියා යළි රිමාන්ඩ්
- දාරලුව දුර්ලභ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර
- කොරෝනා පළමු එන්නත් මාත්‍රාවෙන් පසු වෛරසය වැළඳීමේ හැකියාවක් තිබේ ද?
- හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවක දෛනික වැටුප 1,000 දක්වා ඉහළට
- තවත් ප්‍රදේශ දෙකක Lockdown ඇරේ