ඝණ පූර්ණය නොමැති වීමෙන් ඌව පළාත් සභාව කල් තබයි (VIDEO)

ඝණ පූර්ණය නොමැති වීමෙන් ඌව පළාත් සභාව කල් තබයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

27 Aug, 2015 | 8:06 pm

ඌව පළාත් සභා රැස්වීම අද විනාඩි කිහිපයකට සීමා විය.

ඒ, ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් සභාවට නොපැමිණීම හේතුවෙනි.

ඌව පළාත් සභාව අද පෙරවරුවේ රැස් වුණේ, සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද පෙරවරුවේ සභාවට පැමිණ තිබුණේ, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු හා විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පමණි.

මේ නිසා ඝණ පූර්ණය නොමැති වීමෙන් සභාව විනාඩි 30කට කල් තැබීමට සභාපතිවරයා තීරණය කළේ ය.

මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ සහභා‍ගීත්වයෙන් සභාව යළි රැස් විය.

නමුත් ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ප්‍රධාන අමාත්‍යවරයා හෝ සෙසු අමාත්‍යවරුන් නොමැති වීමෙන් සභාව ලබන මස 10 වන දා දක්වා කල් තැබිණි.

 

ඝණ පූර්ණය නොමැති වීමෙන් ඌව පළාත් සභාව කල් තබයිRead story: http://goo.gl/MvrZNj

Posted by Newsfirst.lk on Thursday, August 27, 2015