ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැන වූ රට ගමන් තහනම ඉවතට

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැන වූ රට ගමන් තහනම ඉවතට

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැන වූ රට ගමන් තහනම ඉවතට

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2015 | 10:47 am

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉවත් කරනු ලැබීය.

ඒ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද කරුණු වාර්තා කළ අවස්ථාවේදී ය.

මීට අමතරව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, ඇවන්ට්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන පාලිත පියසිරි ප්‍රනාන්දු සහ මංජුල කුමාර යාපා යන මහත්ම මහත්මීන්ටද විදේශගත වීම වළක්වාමින් පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කෙරිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ තුවක්කු ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව නීතිපතිවරයා දැනුම් දී ඇති බව ය.

කෙසේ වෙතත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වන බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

එහිදී මෙම නඩුකරය අවසන් කරන ලෙස ඇවන්ට්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.

කරුණු සැලකිල්ලට ගත් ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පැවසුවේ, මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පවරන්නේ නම් සැකකරුවන්ගේ නාම ලේඛනයක් ද සහිත බී වාර්තාවක් මගින් ඔක්තෝබර් 22 වන දින අවසන් විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]