කරක්ගහබොක්ක කළපුවේ මහා පරිමාණ මත්පැන් ජාවාරම වැටලූ අයුරු (VIDEO)

කරක්ගහබොක්ක කළපුවේ මහා පරිමාණ මත්පැන් ජාවාරම වැටලූ අයුරු (VIDEO)

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2015 | 12:22 pm

මීගමුව, කරක්ගහබොක්ක කළපුවේ පවත්වා ගෙන ගිය නීතිවීරෝධී මත්පැන් ජා‍වාරමක් වටලා ගෝඩා බැරල් 60 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කරක්ගහබොක්ක කළපුවේ පවත්වා ගෙන ගිය මහා පරිමාණ මත්පැන් ජා‍වාරම වැටලූ අයුරු

Posted by Newsfirst.lk on Wednesday, August 26, 2015

පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.

වලාන දූෂණ මර්දන ඒකකය කළ දින දෙකක වැටලීමක ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධිව මත්පැන් පෙරීමට සූදානම් කර තිබු ගොඩා ලීටර් 11
ලක්ෂ 340 ක් සිය භාරයට ගෙන තිබේ.

මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික ය.

ජාවාරම්කරුවන් කළපුවේ සිට මුහුදු මාර්ග ඔස්සේ කටුනායක, සීදූව, මීගමුව ආදී ප්‍රදේශවලට මත්පැන් බෙදාහැර තිබේ.

වැටලීමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මැත්පැන් තොගය අද මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.