ජනපති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදීසි නිරීක්ෂණ චාරිකාවක (VIDEO)

ජනපති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදීසි නිරීක්ෂණ චාරිකාවක (VIDEO)

කර්තෘ Sakila Udayakumara

26 Aug, 2015 | 8:34 pm

වෙරළ සංරක්ෂණය සහ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

මාලිගාවත්තේ පිහිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දහවල් හදිසියේ ගිය ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කළේ ය.

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි කාර්ය මණ්ඩලය හමු විය.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, වෙරළ සංරක්ෂණය සහ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් මෙතෙක් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය ජනාධිපතිවරයා විමසා බැලූ බව ය.

එහිදී පැණ නැගී ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා විමසා බැලීය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වැලි පෝෂක ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ය.

ඊට බලපාන අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට පොලිසියේ ද සහය ඇතිව කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

 

ජනපති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදීසි නිරීක්ෂණ චාරිකාවකRead story: http://goo.gl/Vncjww

Posted by Newsfirst.lk on Wednesday, August 26, 2015