මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

කර්තෘ Staff writer

25 Aug, 2015 | 10:58 am

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසුවේ, අද සිට 30 වන දා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාතමක බව ය.

ඒ අනුව කොළඹ, කොටුව – මහනුවර, නාවලපිටිය – මහනුවර සහ මාතලේ – මහනුවර අතර එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රාජා ගුණතිලක මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]